පාසල්වල සංවිධානය කරන විවිධ උත්සව සහ සැමරුම් සඳහා මින් පෙර ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් දෙමාපියන්ට අමතර වැය බරක් නොවන ලෙස අවම වියදමකින් සහ චාම් අයුරින් පැවැත්විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
ඒ අනුව පාසල් මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිකුත් කර ඇති 54/2023 චක්‍රලේඛය සහ අනෙකුත් මූල්‍ය චක්‍රලේඛවලට අනුගතව කටයතු කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. තවද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති උපදෙස් නොසළකමින් කටයුතු කළ සිද්ධීන් කිහිපයක් පසුගිය වකවානුවේ වාර්තා වූ බවද ලේකම්වරයා පෙන්වා දේ.