විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි හා හයවැනි වාරික වෙනුවෙන් කාර්ය මණ්ඩල එකගතාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතරපස්වැනි හා හයවැනි වාරික වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණ තිබේ. මේ අනුව එම වාරික දෙක ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ ලැබිමට නියමිතය. නමුත් ඒ සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුය.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, සංචිත ඉහළ යාම සහ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ආදායම් බලමුලු ගැන්වීම අපේක්ෂාවන් ඉක්මවා යමින්, ප්‍රකෘතිමත් වීමට අඛණ්ඩව සහාය වී ඇතැයි මූල්‍ය අරමුදල පවසයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මැද පෙරදිග ගැටුමට සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු වඩා හොඳින් නැවත ගොඩනැගීමට අවශ්‍ය වන බව ජාත්‍යනතර මූල්‍ය අරමුදල කියයි. මෙම වාරික දෙක ලැබුණ පසු විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති මුදල ඩොලර් බිලියන 3ට ආසන්න වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
