සාපෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ලබන 22 දා සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස 22 වැනි දින සිට මැයි මස 04 වැනි දින දක්වා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198කදී පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම අපරදිග සංගීතය ( විෂය අංක 41) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණය අප්‍රේල් මස 26 වැනි දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වේ.
සංගීතය (පෙරදිග) සංගීතය (අපරදිග ) , සංගීතය (කර්ණාටක ) නර්තනය (භරත) නාට්‍ය හා රංග කලාව (සිංහල ) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව ( ඉංග්‍රීසි) දේශීය (නර්තනය) විෂයන්වල අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කරගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටිම අනිවාර්ය වන බවත් ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබා දීම සිදු නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරන්ටද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට තැපැල් කර යවා තිබේ.එසේම පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන , මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයන් තිබේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කර ගත යුතුයි.
තවද ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය , පාසලේ නම , ලිපිනය සහ අදාළ තොරතුරුද , පෞද්ගලික අයදුම්කරුවන්ගේ නම සහ ලිපිනය , විභාග අංකය , සෞන්දර්ය විෂය ආදී තොරතුරුද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශෘඛාව දුරකතන අංක 011 – 2784208, 011 -2 784537 , 011 – 2784422 ක්ෂණික දුරකතන අංක 1911 , ෆැක්ස් අංක 0112784422 යන අංකවලට දැනුම් දෙන ලෙද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රවේශපත්‍ර අද (10) සිට බාගත කර ගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
