පාකිස්තාන ප්රිමියර් ලිග තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායමට ක්රීඩා කරන ලංකාවේ කුසල් මෙන්ඩිස් ඊයේ පැවැති තරගයේදී පන්දු 52කදි හතරේ පහර 14ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණ 109ක් රැස් කිරීමට සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි පේෂාවර් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 0දී දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ආරම්ඵක පිතිකරු බාබර් අසාම් සමග ඒක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191ක ස සබ ඳ තාවක් පැවැත්වීය.බාබර් අසාම් නොදැව ිලකුණු 87ක් රැස් කළේය.
ලකුණු 247ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කරච්චි කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 87ක් පමණි. තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.
