අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර අද (09) සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (09) සිට 12 දක්වා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ අප්‍රේල් 15 සිට 20 දක්වා නැවත සේවාවන් සඳහා නගර වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙම දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.
විශේෂයෙන් කොළඹ සිට මාතර, ගාල්ල, පුත්තලම, මහව සහ රඹුක්කන යන ප්‍රදේශවලට යන මගීන් සංඛාව වැඩි බවත් එබැවින් ගාල්ල,මාතර ,පුත්තලම සහ අවිස්සාවෙල්ල දුම්රිය මාර්ග සඳහා අමතර දුම්රිය ගමන් වාර එකතු තිබේ.
දුම්රිය ප්‍රමාදයන් හෝ පැමිණිලි සඳහා 1971 යන ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස ද මහජනතාවට දැනුම් දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.