ඉරානයේ උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන කමල් කරසි, මේ මස මුලදී ඔහුගේ නිවස ඉලක්ක කරගෙන එල්ල කළ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
“ඇමරිකානු-සියොන්වාදී සතුරාගේ ප්‍රහාරයකින් තුවාල ලැබූ කරසි පැය කිහිපයකට පෙර දිවි පිදූ” බව ඉරාන නිල මාධ්‍ය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
කරසිගේ බිරිඳ ප්‍රහාරයෙන් මිය ගිය අතර, ඔහු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා අසල රෝහලකට ගෙන යන ලද බව ඉරාන නිලධාරීන් පසුගිය සතියේ පැවසීය.