කුවෙට් ගුවන් සේවය යළිත් ලංකාවට ගුවන් ගමන් අරඹයි
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කුවේට් ගුවන් සේවය, අප්‍රේල් මස 15සිට කොළඹ දක්වා ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකාව හා කුවේට් අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් සතියකට එක් වරක්, සෑම බදාදා දිනකම මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද, සවුදි අරාබිය හරහා ගමන් කරන මගීන් සඳහා සුදුසුකම් සපුරාලන අයට නොමිලේ අතරමැදි ගමන් වීසා පහසුකම ලබා දීමට කුවේට් එයාර්වේස් කටයුතු කර තිබේ. ඒ සඳහා, වලංගු කුවේට් වාසස්ථාන බලපත්‍රයක් සහ අවම වශයෙන් මාස 6කට වැඩි වලංගුතාවයක් සහිත ගමන් බලපත්‍රයක් තිබිය යුතු වේ.
මෙම ගුවන් සේවය පෙබරවාරි 28 වන දින සිය ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කළ අතර, පසුව මාර්තු 02 වන දින සිට යළි ආරම්භ කිරීමට කටයුතු කර තිබුණද, එවකට පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සම්පූර්ණ සේවාව යථා තත්ත්වයට පත් නොවීය.
ඒ අතරතුර, මාර්තු 31 වන දින මගීන් 241 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් කුවේට් සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
