බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයත් කෙටි කාලයක් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවත් මේ සම්බන්ධයෙන් යම් යම් පිරිස් විවේචන ඉදිරිපත් කලමුත් මේවා බන්ධනාගාර ලෙස තබා ගන්නේ මාස තුන හතකරට කාලයක් සඳහා පමණක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
උඩුනුවර හිරාපිටියේදී අද (12) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙසේද කිය.
මේ වනවිට බන්ධනාගාර වල සිටිය හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් පමණ බන්ධනාගාර ගතව සිටින බවත් ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු මෙම තදබදය අවම කිරීම සඳහා යම් ගොඩනැගිලි ප්‍රමාණයක් තාවකාලිකව බන්ධනාගාර බවට පත් කල බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ගොඩනිගිලි වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණත් කෙටි කාලයක් සඳහා ඒවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙන අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබූ බොගම්බර බන්ධනාගාරයත් ගාල්ල මහමෝදර රෝහල ත් බන්ධනාගාර ලෙස පවත්වන්නේ මාස තුන හතකරට කාලයක් සඳහා පමණක් බවද අමාත්‍යවරයා කිය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ කිය.
සෑම බන්ධනාගාරයක් තුළම සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බවත් ඒ වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍යය සැලසුම් සකස් කරමින් ඇති අතර මේ වනවිට බන්ධනාගාර තුළ අධික තදබදනයක් පවතිනවා. ඒ් සඳහා හේතු ගොඩක් බලපාන බවත් කි අමාත්‍යවරයා පද්ධතියේ පවතින දුර්වලතා. නියමිත කාලයට නඩු වාර්තා නොලැබීම, නඩු ප්‍රමාදය වගේ දේවල් මීට බලපාන බවද සදහන් කළේය.
එහිදි අමාත්‍යවරයා මෙසේද කිය. "මේවාට විසඳුම් ලබාදීම තුළින් තමයි බන්ධනගාර වල තදබදය අඩු කිරීමට හැකියාව ලැබෙන්නේ. ප්‍රමිතියෙන් යුත් බන්ධනාගාර ඉදි කිරීම කෙරෙහි අපේ අවධානය යොමුව තිබෙනවා. ජාතික ජනබලවේගය බලයට පැමිණ තාමත් ගතව තිබෙන්නේ වසර 1 1/2 ක් වගේ කාලයක්. සාධාරණ කාලයක් තුළ මේ ගැටලු වලට විසඳුම් ලබාදීම අපේ අරමුණයි."
විපක්ෂයෙන් බන්ධනාගාර අමාත්‍යවරයාට ගෙන ඒමට සුදානම් වන විශ්වාසභංගය ගැන අමාත්‍යවරයා මෙසේ කිය .
"විශ්වාසභංග වලට මුහුණ දීමට රජය සූදානම් පාර්ලිමේන්තුවේ බලයක් නොමැති විපක්ෂය කිසිදු පදනමක් නොමැතිව මාධ්‍ය සංදර්ශන සඳහා ගෙන එන විශ්වාසභංග ගෙනවිත් මේ ආකාරයෙන් පදනම් විරහිතව කටයුතු කිරීමෙන් සිදුවන්නේ විශ්වාසය භංග වී ජනතාව අතරින් ඔවුන් තව දුරටත් ප්‍රතික්ෂේප වීමයි"
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
