අම්බලන්ගොඩ ප්රා දේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්රා දේශීය සභා මන්ත්රීවරයෙක් ගිනි අවියක් සමග අද (11) පස්වරුවේදී අත අඩංගුවටගත් බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය කියයි.
ලැබුණු තොරතුරකට අනුව මන්ත්රීවරයාගේ බටපොළ නිවසේ තිබී මේ ගිනි අවිය සොයා ගත් බවද පොලීසිය කියයි.
සැකකාර ප්රා දේශීය සභා මන්ත්රීවරයා හෙට (12) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.