මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) ,හෙපටයිටීස් B ,ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂාවට විශේෂ ජංගම සායන ක්ෂේත්රයේ දී ක්‍රියාත්මක වේ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරයි.
ප්‍රජාව අතරට ගොස් ඔවුන්ගේ කැමැත්ත අනුව පෞද්ගලිකත්වය සුරකිමින් මෙම රුධිර පරීක්ෂණ සිදු කෙරේ. එම පරීක්ෂාවෙන් පසු වාර්තා අදාල පුද්ගලයින් අතට පත් කෙරෙන්නේ රහස්‍යභාවය සුරකිමිනි.යම් රෝගී තත්ත්වයක් හෝ ආසාදනයක් හඳුනා ගැනීම සිදු වුවහොත් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීම සිදුවේ. එහිදීද පූර්ණ රහස්‍යභාවය සුරකිනු ලැබේ.දැනට මෙම ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ යන දිස්තික්කවල ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකාවේ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.