ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා
නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුව සාමුහිකය ආසන සමුළුව (11) දින නාවලපිටිය ජාතික ජන බලවේග සම්බන්ධීකරණ කාර්යාලයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී අනුෂ්කා තිලකරත්න ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ,
"අපි මහජන ආණ්ඩුවක්, අපි හොඳ වැඩ තමයි ව්‍යවස්ථානුකූලව ප්‍රතිපත්ති ගරුකව සිදුකරන්නේ, විපක්ෂය හැමදාමත්ම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ හොඳ වැඩවලට විරුද්ධයි, ඒ නිසා බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම හා බෝගම්බර බන්ධනාගාරයේ යළි පිහිටවීම පිළිබඳ ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරි දිනයකදී අදහස් දක්වයි.
අපි බලයට පත්වුණු දවසෙ ඉඳන් ජාතික ආරක්ෂාව ඉහළින්ම මට්ටමින් තහවුරු කරලා තියෙනවා, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අවස්ථානුකූලව ඇතිවෙලා තියෙනවා ඒවත් දැන් සමථයකට පත් කරලා තියෙනවා.
එසේම මීගමුව බන්ධනාගාර සිද්ධිය පිළිබඳ මේ වන විට විමර්ශනයක් සිදුවන නිසා මාධ්‍යයට අදහස් නිකුත් කිරීම සුදුසු නැති බව මම විශ්වාස කරනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
