බැංකොක්හි තැබෑරුමක අද අලුයම ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව තායිලන්ත අගමැති පවසයි.
අගමැති අනුටින් චාන්විරකුල් එම ස්ථානයේ මාධ්‍ය වෙත පැවසුවේ මළ සිරුරු 27 ක් සොයා ගෙන ඇති බවත්, තවත් සමහරු රෝහල් ගත කර ඇති බවත්ය. ගින්නට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බව ඔහු පැවසීය.