දිත්වාට ලැබුණු සියලු මුදල් පරිත්‍යාග සුරක්ෂිතයි
දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීම සඳ හා පරිත්යාගීන්ගෙන් ලද සියලු මුදල් සුරක්ෂිතව මහා භාණ්ඩාගාරයේ ගිණුම්වල පවතින බවත් එම පරිත්‍යාග කිසිම ලෙසකින් නීති විරෝධී ගිණුමකට බැර කර නොමැති බවත් අග්‍රමාත්‍ය හරිනි අමසූරිය මහත්මිය පැවැසුවාය. අද පාර්ලිමේන්තුවේදී ඇය මේ බව පැවැසුවාය.
"ආපදා තත්ත්වය හමුවේ ලැබී ඇති සියලුම දේශීය හා විදේශීය පරිත්‍යාග මුදල් කිසිදු නීති විරෝධී ගිණුමකට බැර කර නැහැ, ඒවා භාණ්ඩාගාරයේ පාලනය යටතේ පවතින ගිණුම්වල සුරක්ෂිතව පවතිනවා. ඒ නිසා එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ අනුව විශේෂ භාණ්ඩාගාර ගිණුමට දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 7යි මිලියන 599ක් සහ විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11යි දශම 5ක් ලැබී තිබෙනවා.
මෙම සියලුම අරමුදල් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සලකා බලමින්, ඉතා විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතුව ඉදිරියේදී යෙදවීමට නියමිතය.
මෙම ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන්ම ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීම, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම හානියට පත් පොදු යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා කඩිනමින් නැවත නඟා සිටුවීම වෙනුවෙන් පමණයි උපයෝගී කර ගන්නේ."
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
