ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මඩුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 40,000/-ක දඩයක්ද අද (10) නියම කළේය.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් එක්දින තරගාවලියට අදාළ ප්‍ර වේශපත් අලෙවිය මේ වන විට ආරම්භ කර තිබේ.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2025 පෙබරවාරි 14 වැනි සිකුරාදා පෙ.ව 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
Read Moreපදනම් විරහිතව පාස්කු ප්‍රහාරයේ වගකීම ඇතැමුන් විසින් මෙරට බුද්ධි අංශ මත පැටවීමට යාම බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreදිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීයවීම හේතුවෙන් එම යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි ඉල්ලුම කළමණාකරණය කිරීමට දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ලැබෙයි.
Read Moreමේ වසරේදී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සඳහන් කරයි.
Read Moreනාය යෑම්වලට ලක් ව තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමටත්, ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්තු මුල් සතියේ ආරම්භ කිරිමටත් කටයුතු කරන බව වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
Read Moreවත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදන කාර්යාලයක් ස්ථාපති කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
Read Moreදිවයින පුරා කාල සටහනකට අනුව විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අද පුවත්පතට පැවසීය.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී ,ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත 02/10 දින අලුයම භාර දී තිබේ .
Read Moreඑක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
Read Moreනානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.
Read Moreරජය සතු ආර්ථික මධ්‍යස්ථාන දහතුනම පිළිබඳව විධිමත් සොයා බලා විධිමත් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර රජයක් ලෙස ගනිමින් සිටින බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර් .එම් . ජයවර්ධන මහතා පැවසීය.
Read More2025 ජනවාරි මාසයේ අග සතිය වනවිට මෙරට පොල් ගෙඩියක සිල්ලර මිල පසුගිය වර්ෂයට සාපේක්ෂව 88% කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.
Read Moreඅම්මා මට මතක නෑ , නංගි දකින්නත් ආසයි කුස ගින්නේ ඉන්න පිය පුතුගේ කතාව
Read Moreජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.
Read Moreකරාඩුගල පොලිස් වසමට අයත් නිල්ගල හෑකොලොන්දෙණිය ප්‍රදේශයේදී තම බෑණාට දත් තුනක් කැඩෙන සේ කොස්සකින් පහරදී බරපතළ තුවාල සිදුකළ නැන්දම්මා (08) වෙනිදා කරාඩුගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreතමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරෙකු විසින් සිංහරාජ වන පිවිසුමේ නීති විරෝධී මැණික් පතල් කැණීමක් සිදුකරන බවට ප්‍රචාරය වන ප්රවෘත්ති අසත්‍ය බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහතා සඳහන් කරයි.
Read Moreජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් වර්තමානයේ බලයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඕස්ට්‍රේලියාව සමඟින් නිමාවූ ටෙස්ට් තරගාවලින් අනතුරුව ශ්‍රී ලංකාවට අයි.සී.සී ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයෙන් මෙවර තරගාවලිය නිමා කිරීමට සිදුවිය.
Read Moreගිනි තැබූ නිවාසවලට ගෙවූ මුදල සිය ගුණයකින් ගෙව්වද එම පෑරුණු සිත් පිළිබඳව ගණනය කළ නොහැකි බවත් ගිනිතැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට වැඩි පරීක්ෂණ අවශ්‍ය නොමැති බැවින් වර්තමානයේ පවතිනුයේ විකෘති දේශපාලනයක් මිසක ප්‍රකෘතියක් නොවන බවත් මෙය අනෙක් පැත්තට මාරුවීමට ඇත්තේ තව පෝය කිහිපයක් පමණක් බවත් දිලිත් ජයවීර මහතා පැවසීය.
Read Moreදිවයින පුරා සිදුවූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අද පෙරවරු 11.30ට පමණ දිවයින පුරාම විදුලි සැපයුම බිඳ වැටුණි. මේ සඳහා බලපෑ හේතු සොයා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය.
Read Moreටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අතුරුදන් වූ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඊයේ (8) රාත්‍රියේම ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreනල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිනිම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර මහතා පවසයි.
Read Moreමෙරට සියලු දෙනාට නිදහසේ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට ඉඩ දීම භයානක තත්ත්වයක් බවත් එය ඉදිරියේදී නියාමනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ යොදන බව නව ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා පවසයි.
Read Moreදින හයකට පෙර මාළු ව්‍යාපාරිකයකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් රුපියල් කෝටියකට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පළා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රට පුරා සමස්ථ විදුලි පද්ධතිය නැවති ඇති බව ඉහල නිළධාරීයකු පවසයි.
Read More