අඩු ආදායම් ලාභින්ට සහල් බෙදාදිම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සහල් මිලදි ගැනිමේ දි සහල් කිලෝග්රැම් 01ක් සදහා ආසන්න වශයෙන් රුපියල් 10ක් ලෙස රුපියල් එක්කෝටි, පනස්ලක්ෂ, හැත්තැහයදහස් අටසියයක (15,076,800) අනිතික ලාභයක් උපයාගැනිමට බාහිර පාර්ශවයකට ඉඩ සලසා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මාතලේ දිස්ත්‍රික්කයට ආසන්න ප්‍රදේශවලින් සහල් සපයාගැනිමට කටයුතු නොකිරිම තුලින් රුපියල් දාහත්ලක්ෂ, හතලිස්තුන්ද හසකට ආසන්න (1,743,000) වාහන වියදමක් වැඩිපුර දැරිම සදහා රජයේ අරමුදල් භාවිතා කිරිම තුලින් රජයට පාඩුවක් සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම තිස්සමහාරාම සහල් මෝලකින් සහල් කිලෝග්රැම් එක්ලක්ෂ,දා හත්දහස්දහයක් (1,17010) සැපයුම් කළ බවට රුපියල් දෙකෝටි, දාහත්ලක්ෂ, හැටතුන්දහස් අටසියහැටක් (21,763,860) හා ප්‍රවාහන වියදම් ලෙස රුපියල් පන්ලක්ෂ,විසිඑක්දහස් නමසිය හැත්තැතුනක් (521,973) ගෙවිම් කර තිබුණි.
එහෙත් අදාළ සහල් මෝල්හිමිකරුගේ ප්‍රකාශ අනුව ඔහු විසින් සපයා ඇත්තේ සහල් කිලෝග්රැම් 30000කි. ප්‍රවාහන වියදමවු රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදල (120,000) සහල් මෝල් හිමිකරු විසින් දරා තිබුණි. ඒ අනුව රුපියල් පන්ලක්ෂ,විසිඑක්දහස්,නමසියහැත්තැතුනක (521,973) සාවද්‍ය ප්‍රවාහන වියදමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම සහල් කිලෝග්රැම් පන්ලක්ෂ,තුන්දහස්දෙසියහැටක් (503,260) මිලදි ගැනිම වෙනුවෙන් රුපියල් නමකෝටි හතලිස්පන්ලක්ෂ,අසුඑක්දහස්තිහක (94,581,030) බිල්පතක් ඉදිරිපත්කොට තිබුණි. ප්‍රවාහන වියදම් ගෙවිම සදහා රුපියල් විසිහතරලක්ෂ,තිස්පන්දහස්,නමසියඅසුඑකක (2,435,981) බිල්පතක් ඉදිරිපත්කොට තිබුණි. එසේ බිල්පත් ඉදිරිපත්කොට තිබු සහල් මෝලක් අක්කරෙපත්තුවෙහි එම ලිපිනයෙහි නොමැති බව ප්‍රා දේශිය ලේකම්,ග්‍රාම නිලධාරි මෙන්ම, අක්කරෙපත්තුව මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා ද සනාථ කොට තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි ගෙවිම් පිළිබද විගණනයේ දි සෑහිමකට පත්විය නොහැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ගිවිසුම්ගත සහල් මිලදි ගැනිම සදහා සහල් මෝල් හිමියන් සමග සෘජුවම සම්බන්ද නොවි තෙවන පාර්ශවයන් හරහා සහල් මිලදිගෙන තිබුණි. එම සහල් මිලදි ගැනිම වෙනුවෙන් තෙවන පාර්ශවයන් වෙත සහල් සදහා රුපියල් විසිඅටකෝටි,දහනමලක්ෂ,එක්දහස්දෙසියවිසිහතක මුදලක් (281,901,227) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ගෙවා තිබුණි. ප්‍රවාහන වියදම් ලෙස ගෙවා ඇති මුදල රුපියල් හැටහයලක්ෂ,විසිතුන්දහස්,හත්සියහැත්තැදෙකකි. (6,623,772) භාණ්ඩ සැපයිමට පෙර ගිවිසුම්ගතවිමක්ද සිදුකර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද