මේ වසරේ ගතවු මස 09 ක කලය තුල සුරාබදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 177 ක් ලෙස ලබා දි තිබු බවත්,අදාල කාලසිමාව තුල උපයා ගෙන ඇති සුරාබදු ආදායම රුපියල් බිලියන 190.4 ලෙස වාර්ත වන බවත්,ඒය 107.6% ක ප්‍රගතියක් බවත්, එය 2024 වර්ෂයේ සමාලෝචිත කාලයට සපේක්ෂව 18.1% ක වර්ධනයක් ලෙස දැක්විය හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බි.එන්.ඒ. ප්‍රේමරත්න මහතා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේම (2025) වර්ෂයේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී තිබේ.
2025 වර්ෂයේ දිප ව්‍යාප්තව සිදු කරන ලද සුරා අපරාධ සම්බන්ධයෙන් වැටලිම් 22,094 ක් මගින් රුපියල් 113,857,637.00 ක දඩ මුදල් ආදායමක් අයකර ගෙන ඇති බවත්,නිති විරෝධි ආනයනය කරනු ලබන තෙන්දු කොළ රාජසන්තක කර, වෙන්දේසී කිරිමේන් රුපියල් 125,168,302.50 ක ආදායමක් ලබා ගෙන ඇති බව එකී නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.
තවද මේ සදහා ගෙන ඇති අපාය මාර්ගික ක්‍රමවේදයන් වන නව ආරක්ෂිත සලකුණු (ස්ට්කරය) හදුන්වා දිම, නිතී විරෝධි ලෙස නිපදවන ස්ප්‍රීතු සම්බන්ධ විමර්ශන තිව්ර් කිරිම හා මතුවතුර නිෂ්පාදනාගාර,බලපත්‍ර ස්ථාන නිරන්තර පරික්ෂාවට ලක් කිරිම වැනි ක්‍රියා මාර්ග සුරාබදු ආදායම සුරක්ෂිත කිරිමට බෙහෙවින් බවහල් වු ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා සදහන් කරයි.
ඩබ්ලිව්.එල්.අනුර ප්‍රියන්ත - හබරාදුව