මත්තල ගුවන්තොටුපොළට වන ජීවී කාර්යාලයක්
හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වන අලි ආදි වනජීවීන් වරින්වර ඇතුළු
වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වලට හානි සිදු වන අවස්ථාවන් බහුල වන අතර එහි මෙහෙයුම්වලට ද බලෑම් ඇතිව තිබේ.
එලෙස යටිතල පහසුකම්වලට සිදුවන හානි පිළිසකර කිරීමට සීමා සහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමට
දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ බවද හඳුනාගෙන ඇත.
එබැවින් එවැනි වනසත්ව තර්ජන කල් තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාරණය කර ගනිමින් ගුවන මගීන්ගේ, ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ හා ගුවන් තොටුපොළෙහි යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරිමටත්, ගුවන්තොටුපොළමෙහෙයුම්වලට සිදුවිය හැකි ප්‍රමාදයන් හා අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වාගෙන යාමටත් හැකිවන පරිදි හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි විශේෂිත වන ජිවි කාර්යාලයක් ස්ථාපිත කිරිමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

