අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සැකකරුවන් රඳවා තබන සිර මැදිරියෙන් රැඳවියෙකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
අද (9දා) දිනයේ මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ උපසේවා නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන්වරයෙකි.
පොලිස් සිර මැදිරියෙන් පලා ගොස් ඇත්තේ අනුරාධපුර, සමගිපුර මාතලේ හන්දිය ප්රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු, සති දෙකකට පෙර අනුරාධපුර මාතලේ හන්දිය ප්රදේශයේ පුද්ගලයෙකුට පහර දී බිය ගන්වා රුපියල් තිස් දහසක මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී ඔහු හෙරොයින් මත්කුඩු සමග 7දා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු (8දා) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, (7දා) දින රාත්රියේදී මෙලෙස සිර මැදිරියෙන් පලා ගොස් තිබුණි.