තමන් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී මහා භාණ්ඩාරගාරයට රුපියල් මිලියන
750ක මුදලක් ලබා දුන් බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදි පැවැසිය.
"කර්මාන්ත අමාත්‍යාංශය මිලියන 750ක් මහා භාණ්ඩාගාරයට දීලා තියෙනවා. බොහොම හොඳයි. මාර සතුටුයි.
හැබැයි මම රාජ්‍ය අමාත්‍යවරයා (කර්මාන්ත) වශයෙන් ඉන්නකොට ආර්ථික අර්බුදයට වැටිච්ච වෙලාවේ මිලියන
950ක් දීපු මිනිහෙක්. අපි වැඩ කරලා තියෙන්නේ."