ප්රකට ඉන්දීය නිළි ශිල්පා ෂෙට්ටි ශ්රී ලංකාවේ කොළඹ පැවැත්වෙන යූ ටියුබ් වැඩසටහනක් සඳහා යාමට කළ
ඉල්ලීමක් මුම්බායි අධිකරණක් විසින් ප්රතික්ෂේප කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 60කට ආසන්න මූ ල්යමය
අක්රමිකතාවකට අදාළව ශිල්පා ෂෙට්ටිට මේ වන විට නඩුවක් පවතින අතර ඒ අනුව ඇයට විදෙස් ගමන්ද තහනම්
කර තිබේ.
ශිල්පා ෂෙට්ටි සහ ඇගේ සැමියා වන රාජ් කුන්ද්රාට එරෙහිව ආර්ථික අපරාධ අංශය විසින් නිකුත් කරන ලද
සෝදිසි චක්රලේඛයක් ක්රියාත්මකව පවතින අතර එමඟින් අධිකරණයේ හෝ විමර්ශන ආයතනයේ පූර්ව
අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන බවත් මුම්බායිි මහාධිකරණය නිරීක්ෂණය කළේය.
නඩු විභාගය අතරතුර, ශිල්පා ෂෙට්ටිගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ඔක්තෝබර් 25 සිට 29 දක්වා
කොළඹ පැවැත්වීමට නියමිත යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ උත්සවයකට ඇයට ආරාධනා කර ඇති බවයි.
කෙසේ වෙතත්, අධිකරණය ආරාධනාවේ පිටපතක් ඉල්ලා සිටි විට, සංවිධායකයින් සමඟ සාකච්ඡා වාචිකව
පමණක් සිදු කර ඇති බවත්, සංචාරක අනුමැතිය ලබා දුන් පසු විධිමත් ආරාධනයක් නිකුත් කරන බවත්
නීතිඥවරයා පැවැසීය.
අධිකරණය විදේශගත වීමට අවසර ලබා දීම සලකා බැලීමට පෙර යුවළ මුලින්ම රුපියල් කෝටි 60 ක වංචා වගකීම
ඉවත් කළ යුතු බව සඳහන් කරමින් විනිසුරු මඩුල්ල පෙත්සම ප්රතික්ෂේප කළේය. අධිකරණයේ ප්රකාශ වාචිකව
ඉදිරිපත් කරමින්, නඩුව යළිත් ඔක්තෝබර් 14 වන දින විභාගයට ගැනීමට නියමිතය.