ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්‍රධානතම අමාත්‍යවරයෙක් වන බිමල් රත්නායක මහතාගේ විශය පථයේ වෙනසක් සිදුව තිබේ. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් පත්කළ අතර අද දිනයේදී සිදුකළ සංශෝධනයේදී වරාය හා සිවිල් ගුවන් සේවා විෂය පථය ඔහුගෙන් ඉවත් කර තිබේ.ඒ වෙනුවට ඔහුට නාගරික සංවර්ධන විෂය පථය පථය පමණක් එක්කර තිබේ.
මේ අතර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය වශයෙන් කටයුතු කළ අනුර කරුණාතිලක මහතා නව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.