මෙරට තුළ පාතාලය, කළු සල්ලි හා කුඩු ජාවාරම ඕපපාතිකව සිදු නොවන බවත් ඒවා දේශපාලනය සමග ඇති සම්බන්ධතා මගින් සිදු වන බවත් ඉදිරියේදි මේවාට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලනඥයින් හෙළිදරව්වේවි යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) මාතලේ දි පැවසිය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය සදහා ඉකුත් වර්ෂයේ දි (2024) වෙන්කරණු ලැබු ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින් කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162) ඉතිරිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read More’’ නියෙලිනී ’’ ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන ’’ Song of Resillience ’’ නැමති විකල්ප සංගීත ප්‍රසංගයෙහි ගීත ගායනා කිරීම සදහා , ප්‍රවීන කොළිවුඩ් ශිල්පි ප්‍රකාශ් රාජ් 09/07 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බෙදීමක් වළක්වා ගැනීම සඳහා ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉරිදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
Read More“පාතාලයක් ආය රටතුල බිහි වෙන්න ගර්භාෂයක් නෑ. මොකද දැන් ඒ දූෂිත දේශපාලය ඉවරයි.” යනුවෙන් වැවිලි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
Read Moreසංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වළක්වා ගැනීම ප්‍රධාන කාර්යයක් ලෙස සලකන්න මහජනතාවට සමීප සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව දෙන්න ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති අවධාරණය කරයි
Read Moreනිකිණි පොහෝ දා වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිමට ගෙවත්තක වල දමා තිබූ රජයේ අනුමත මත් පැන් බෝතල් 38ක් සමග සැකකරුවෙකු හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (06) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරු සහ මත් පැන් බෝතල් තොගය හැටන් පොලිසියට භාර දී ඇත.
Read Moreවාහන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල්මාස හය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreමහනුවර සිට හැටන් දක්වා ඊයේ (06) රාත්‍රියේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කල රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක්
Read More’’කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම’’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreසංවිචධානාත්මක අපරාධකල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනයට ගෙනවිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා දේශීය මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව අත්බෝම්බ හා ජීව පතොරම්තොගයක්ද සොයාගෙන තිබේ.
Read Moreවැවට විසිකර තිබූ අත් බෝම්බයක් කුඩා දරුවන් තිදෙනෙකු අහුලා ගනිමින් එහි කෑලි ඉවත්කර කුමක්ද යන්න පරික්ෂාකරමින් සිටියදී තම සීයා එය දැක දරුවන්ගේ දිවි ගලවාගත් පුවතක් මැදවච්චිය පොලිස් වසමේ අඟුනොචිචය, පළුකඳවැව ගම්මනයෙන් වාර්තා විය.
Read Moreදකුණු කොරියාවේ සේමාවුල් පදනමේ අනුග්‍රහය ඇතිව ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් වැලිමඩ ප්‍රදේශයේ ඉඳිකරන ලද බීජ අර්තාපල් නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කෙරිණි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු පහක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
Read Moreඇල්ල 15කනුව ප්‍රදේශයේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස් රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩ්දුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ආ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන රාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස් රථයේ සුන්බුරාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් කොටස් ගොඩ දොබකර දෙකක ආධාරයෙන් පැය දහයක පමන මෙහෙයුමකින් පසුව අද (6) ප්‍රපාතයෙන් ගොඩට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreතංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු යන අතරතුරේදී ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් වූ බස් රථ අනතුරින් මියගිය 15 දෙනාගේ මෘත දේහයන් බදුල්ල සිට තංගල්ල සිය නිවෙස් කරා මුස්ලිම් ජාතික ජනතාව විසින් නොම්ලේ ඊයේ (5) රාත්‍රි ප්‍රවාහනය කර දුන්නේය.
Read Moreමීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.
Read Moreපොරොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව්තාවුල්ලේ පිහිටි සුප්‍රකට සුදු අරලිය හෝටලයේ ඉඩම් කොටසක් නීතියට අනුකූල නොවන බවත් එය ඉවත් කර ගැනීමට තමන් සූදානම් බවත් එම හෝටලයේ හිමිකරු සුප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreමිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගය අද (06) දිනයේ රස පරීක්ෂකවරයා නිරීක්ෂණය කිරීමට නියමිතයි.
Read Moreඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයක ත්‍රී රෝද රථයක් ගැටෙයි. ත්‍රී රෝද රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබයි.
Read Moreඌව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමේ අරමුණෙන් ගෘහස්ථ ගම් කුකුළ් පාලනය ව්‍යාප්ත කිරීම සඳහා බොරලන්ද රජයේ පශු සම්පත් ගොවි පොළේ ඉඳිකරන ලද කුකුළු අභිජනන මධ්‍යස්ථානය සහ බිත්තර රක්වනාගාරය විවෘත කිරීම (04) වෙනිදා සිදුකෙරිණි.
Read Moreග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසළදී යතුරු පැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්සි දුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
Read Moreගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ රාත්‍රී 11.00 ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදුවී තිබෙනවා.
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස් රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැබව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සදහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4කට පසු යලි යථා ත්තවයට පත් විය.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා04 දින ගලේවෙල දී පැවසීය.
Read More’’ඇල්ල පල්ලමේ බස් රථය ධාවනය වෙමින් තිබියදී බසයේ සහයක එක්වරම බස් එක බ්‍රේක් ඩවුන් වෙලා ඔක්කොම අය හයියෙන් අල්ලාගෙන පහත් වෙන්න කියා බසයේ සිටි සියලු දෙනාට හයියෙන් කෑගසා කිව්වා . ඒ සමගම බස් රථය දඩාං, දඩාං ගා විශාල ශබ්දයක් නගමින් එක්වරම පාර අයිනේ තිබු ආරක්ශිත යකඩ වැටක දෙපාරක් ගැටී රාවනාඇල්ල ප්‍රපාතයට පෙරලී ගියා.ඒ සමග ප්‍රපාතයෙ පහලට පෙරලීගිය බසයෙ ජනේලයක් ගැලවී ගොස් මා බසයෙන් එළියට විසිවී ප්‍රපාතයෙ පදුරක් උඩට වැටුනා. ඒ අසලම පොඩ් බබෙක්, සදානා ,
Read More