පාසල් සිසුන් ප්රවාහනයේදි හෙල්මට් පැළඳීම අනිවාර්යයි
එප්පාවල පොලිස් ස්ථානයේ රථ වාහන අංශය මගින් එප්පාවල ශ්රී සිද්ධාර්ථ ජාතික පාසල හා ශ්රී රාහුල ප්රාථමික විද්යාල වලට යතුරු පැදි වල සිසු සිසුවියන් රැගෙන පැමිණීමේදී දරුවන් ආරක්ෂිත හිස් ආවරණ (හෙල්මට්) නොපැළඳ යතුරු පැදියේ රැගෙන ඒම සම්බන්ධයෙන් හා හිස් ආවරණ වල නිකට පටි නිසි ලෙස පැළඳ නොපැමිනීම සම්බන්ධයෙන් දෙමාපියන්ට හා දරුවන්ට අවවාදාමකව දැනුම්වත් කිරීමක් ඊයේ (08) පෙරවරුවේ හා පස්වරුවේදී සිදු කෙරිණි.
එප්පාවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අබේසේකර මහතාගේ උපදෙස් මත, එප්පාවල පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති එම්.එච්.ඩී සම්පත් මහතා විසින් මෙම කටයුත්ත සිදු කරනු ලැබීය.
එහිදී ඊයේ (08) පෙරවරුවේ පාසල වෙත දරුවන් රැගෙන එන අවස්ථාවේදී හා පාසල නිම වී දරුවන් රැගෙන යන අවස්ථාවේදී මෙලෙස යතුරු පැදි වල ආරක්ෂිත හිස් ආවරණ නොමැති හා හිස් ආවරණ වල නිකට පටි නිසි ලෙස පැළඳ නොසිටි දෙමාපියන් හා දරුවන්ට හිස් ආවරණ පළඳින ලෙස හා හිස් ආවරණ පැලඳීමේදී නිකට පටිය නිසි ලෙස තද වන පරිදී පළඳින ලෙසත්, එප්පාවල පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති එම්.එච්.ඩී සම්පත් මහතා විසින් අවවාදාත්මකව දැනුම්වත් කිරීම සිදු කරනු ලැබීය.
එදින (08) නීතිය ක්රියාත්මක නොකළද ලබන සදුදා දින සිට පාසල් සිසුන් යතුරු පැදියේ ප්රවාහනයේදී ආරක්ෂිත හිස් ආවරණ නොමැතිව හා නිකට පටි නොපැළඳ පැමිණිය හොත් නීතිය ක්රියාත්මක කරන බවද එම නිළධාරීතුමන් එහිදී දැනුම්වත් කරනු ලැබීය.
පසුගිය දිනක එප්පාවල පොලිස් වසමේදී, පුද්ගලයකු හිස් ආවරණය පැළඳ ගියද, නිකට පටිය පැළඳ නොගිය නිසාවෙන් යතුරු පැදියක් ගවයකුගේ ගැටී අනතුරක් සිදු වූ බවත්, ඔහුගේ හිස් ආවරණය විසිවී ගිය නිසාවෙන්, හිස මාර්ගයේ ගැටීමෙන් හිසට බරපතල තුවාල සිදු වී, අනුරාධපුර ශීක්ෂණ රෝහලේ දින කීපයක් ප්රථිකාර ලබා ඔහු ඊයේ (08) දින මිය යාම පිළිබඳවද එහිදී ඒ මහතා විසින් සිසු සිසුවියන්ට හා දෙමාපියන්ට සිහිපත් කරමින් ආරක්ෂිත හිස් වැසුම් පැළඳීමේ වටිනාකම පිළිබඳව දැනුම්වත් කරනු ලැබීය. “ දෙමාපියන් හිස් ආවරණ දමා, තමන්ගේ පණ වැනි දූ දරුවන්ට ආරක්ෂිත හිස් ආවරණ නොමැතිව යතුරු පැදියේ ගමන් කිරීමෙන් දරුවන් අනාරක්ෂිත “ බව එහිදී රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.
ඊට අමතරව පාසල් බස් රථවල ගමන් කරන සිසු සිසුවියන්ටද බස් රථයේ පා පුවරුවේ ගමන් නොකරන ලෙසත්, බස් රථයෙන් පිටතට අත් හා හිස නොදමන ලෙසත්, බස් රථය නැවැත් වූ පසු බස් රථයට ගොඩ වන හා බසින ලෙසත් දැනුම්වත් කළ අතර, බස් රථයෙන් බැසීමේදී කලබල නොවී බස් රථයෙන් බැස බස් රථය ගමන් කළ පසු මාර්ගය පැහැදිලි නම් පමණක් බස් රථයේ පසු පසින් පාර මාරු වන ලෙස ආදී ආරක්ෂිත ක්රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුම්වත් කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
