ශ්‍රී පාද වාරය මැයි 31න් අවසන්
2025-2026 වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ (30) දිනට පසු දින මැයි (31) දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නා හිමියන් පැවැසූහ.
ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් ඒ බැව් පැවසූවේ, 2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික නිළධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයෙ (08) දින පස්වරුවේ පැවති රැස්වීමකදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ, වෙසක් පොහෝදා ශ්‍රී පාද උඩ මළුවේ පෝදා ආගමික වැඩසටහහන් ගණනාවක් පැවත්වෙන බවත්, ඊට පසු දින (31) දින ශ්‍රී පාද උඩ මළුවවේ පැවැත්වෙන උදෑසන පූජාවෙන් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට එරත්න මාර්ගයේ පෙරහැරකින් පැල්මඩුල්ල ශ්‍රී පාද රජමාහා විහාරස්ථානය කනරා වැඩම කරවන බවයි.
ශ්‍රී පාද උඩමළුවවේ දහවල් පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙ නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමාහා විහාරස්ථානයද දක්වා තවත් පෙරහැරවල් දෙකක් ගමන් ගන්නා බවයි.
මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට (31) දින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කර, එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පවත්වා, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කල ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව පෙරහැරකින් වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැම්පත් කර තැබෙන බවයි.
දිට්වා සුළි කුණාටුවක් පැවතියද සාර්ථකව 2025-2026 ශ්‍රී පාද වන්දනා සමය පැවති බවත්, ශ්‍රි පාදය කේන්ද්‍ර කර ගනිමින් කේබල් කාර් පද්ධතියක් ඉදි කිරිමට රජය සැළසුම් කර ඇති බවත්, ඒ සදහා තම ආශිර්වාදය රජයට ලබා දෛන බවයි ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් රජයට කියා සිටියේ.
එම කේබල් කාර් පද්ධතිය හැරමිටි පහණ දක්වා පමණක් සීමා විය යුතු බවට ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් මෙම රැස්වීමෙදි කියා සිටියා.
ධර්ම සුගන්ධ මනුසත් පදනම මගින් හැටන් මාර්ගයේ සිත ගගුලේ සිට ඉදිකටු පහණ දක්වා වන්දනාකරුවන්ට පානීය ජල ක්‍රමයක් යොදා ඇති නිසා මෙවර වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය වෙනත් ශ්‍රි පාද වන්දනාවාරවලට වඩා මෙවර අවම මට්ටමක පැවති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මෙම රැස්වීමේදි කරුණූ ඉදිරිපත් කරමින් කියා සිටියා.
2026-2027 ශ්‍රී පාද වන්දනාවාරයෙදි එම ජල යෝජනා ක්‍රමය ශ්‍රී පාද උඩමළුව දක්වාම ලබා දීමට කටයුතු කරන බවයි එම පදනමේ ලේකම් පියතිස්ස වික්‍රමරත්න මහතා කියා සිටියේ.
මෙම රැස්වීමට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, නුවරඑලිය දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, හැටන් කොට්ටාසභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා ඇතුලු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණ දෙන නිළධාරි මේජර් ලසන්ත යන මහතුන් ඇතුලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් රැසක් සහභාගි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
