එන්.ඩී.බී. වංචාව ගැන හොරාගේ අම්මගෙන් පේන අහලා
NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසන ලදී.
ඉහත කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, අජිත් අගලකඩ, එම්.කේ.එම් අස්ලම්, සුනිල් රාජපක්ෂ සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙසේ NDB බැංකුවේ මූල්‍ය වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසීය.
NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම වංචාව හේතුවෙන් NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම් අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ලදී.
මෙහිදී බැංකුවල අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සහ විගණන කමිටුවල වගකීම පැහැර හැරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම වංචාව හඳුනාගැනීමට අභ්‍යන්තර විගණන කමිටුව, බාහිර විගණන ආයතනය, අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ කෙසේද යන්න රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදී.
මෙම වංචනික ක්‍රියාවලිය සිදුවන කාලසීමාව තුළ එවැනි අසාමාන්‍යතා පිළිබඳව කිසිදු කරුණක් මතු කර නොතිබූ බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීහු මෙහිදී කාරක සභාවට පැවැසූහ.
තවද, වංචාව සිදුවූ කාලසීමාවේ සිටි විගණන කමිටුවම තවදුරටත් එම කටයුතුවල නිරත වීම සහ ඔවුන් විසින්ම තමන් පිළිබඳව විමර්ශනයක් කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව කාරක සභාව පෙන්වා දෙන ලදී. එමෙන්ම, බාහිර විගණන කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
වර්තමාන තාක්ෂණික දියුණුව හමුවේ බැංකු විසින් අනුගමනය කරනු ලබන යල් පැනගිය ආරක්ෂක ප්රමිතීන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සියලුම බැංකු සඳහා පොදු වූ අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් පවත්වාගෙන යාමේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
ඉදිරියේදී මෙවැනි වංචා වැළැක්වීමත්, සමස්ත බැංකු ක්ෂේත්රයේම සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්ෂණික පද්ධති හඳුන්වා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
වංචා කළමනාකරණය සඳහා නව තාක්ෂණික රෙගුලාසි පැනවීම පිළිබඳවද කාරක සභාව මහ බැංකු නිලධාරීන්ගෙන් විමසීය. බැංකුවල වංචා කළමනාකරණ පද්ධති (Fraud Management Systems) වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීමට මහ බැංකුවේ අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව එහිදී අදහස් දක්වමින් මහ බැංකු නිලධාරීහු ඔවුහු කාරක සභාවට දැන්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
