ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ 10 කණුව ප්රදේශයේ පිහිටි හෝටලයක් වටලා පරිඝණක අපරාධ සිදුකරන බවට සැකපිට විදේශ ජාතිකයින් 30 දෙනෙකු පරිගණක අපරාධ සඳහා යොදාගත් උපාංග ද සමඟ අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 20 ත් 54 ත් අතර වයස්වල පසු වන චීන හා වියට්නාම ජාතිකයින් වේ.සැකකරුවන් විසින් පරිඝණක අපරාධ සඳහා යොදා ගත් පරිඝණක 05ක්, ජංගම දුරකතන 26ක්, රවුටර් 05ක් ඇතුලු පරිඝණක උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.