වියට්නාම් ජනාධිපති අද පාර්ලිමේන්තුව අමතයි
සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු පරිශ්‍රයට පෙරවරු 11.05 ට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයාව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා - වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වනු ඇත. මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය.
අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගන්නා අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකරයි. ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.
වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකතුමා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
