saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 86 hours ago

LATEST

ශිෂ්‍යත්වයේ දිස්ත්‍රික් කඩයිම් ලකුණු මෙන්න

calendar_today 2025 සැප් 04 - 07:23 remove_red_eye - 422  

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) අලුයම නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

බිරිඳගේ මුල් විවාහයේ වයස අවුරුදු 14ක දැරියක් ස්ත‍්‍රී අපයෝජනය කල සැකකාර සුලූපියාට එම වරදට වරදකරු කරමින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා වින්ධිත දැරියට රුපියල් ලක්‍ෂ දෙකක වන්ධි මුදලක් ගෙවීමටද නියම කළේය.

Read More

වරකාපොල ගණිතපුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ඔසුහලක් වටලා එම අවස්ථාවේදී එහි සිටි මුදල් අයකැමි (02) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බවත් එහි හිමි කාරිනිය සොයා විමර්ශන කටයුතු සිදු කරන බවත් වරකාපොල පොලිසිය පවසයි.

Read More

කිසියම් අපරාධයකට සම්බන්ධ බවට සැක කරන මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් අද (3දා) වේයන්ගොඩ පොලිස් වසමේ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් පිටුපස මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ ‍පොලිසිය කියයි.

Read More

රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කූරියර් පාර්සල් ලෙස කටුනායක, සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/03 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.

Read More

මාසයකට ආසන්න කාලයක් පුරා පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදිගොස් ඇති අයුරු මෙලෙස ඡායාරුපයට දිස්විනි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(03දා) පැවැත්වේ.

Read More

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයෙන් පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 162 ක් දහනය කිරීමේ හැකියාව ඇත. මෙවැනි යන්ත්‍ර 05ක් සහ පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 58 ක් දහනය කළ හැකි යන්ත්‍ර 10 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය. රෝහලේ අවශ්‍යතාවය අනූව මෙම යන්ත්‍ර ස්ථාපනය කර ඇත.

Read More

අක්මිමන කුරුදුවත්තේ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨය තුල ස්ථාපිත කොට ඇති සි.සි.ටි.වි කැමරා පද්ධතියෙහි කැමරා 24න් 15ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03දා) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

Read More

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ​ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 07කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත්ව තිබේ.

Read More

පොල් පැළ වෙනුවෙන් රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිර‍ීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම රක්ෂණ කාලය දින 15 සිට වසරක් දකවා වෙයි. රක්ෂණ වාර මුදල පැළ 01ක් ඳසහා රු. 67.50ක් වන අතර රක්ෂණ ආවරණය පළ 1ක් ඳසහා රු. 550ක් වෙයි.

Read More

චීනයේ 23 වන ආසියානූ කැඩෙට් , කනිෂ්ඨ සහ වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට ( 23 rd Asian , Cadet , Junior @ U21 Karate Championship ) ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වීමට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි තරගකරුවන් 31 දෙනෙකුට වීසා නොතිබීම 09/03 දින සවස ආපසු හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු විය .

Read More

පේරාදෙණිය- මහනුවර දුම්රිය ස්ථාන අතර ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් සැප්තැම්බර් මස 05, 06 සහ 07 යන දිනවලදී එම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනය සීමා කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොළඹ සිටින විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර ඊයේ (02දා) සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන එම පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කිරීමට අද(03දා) කටයුතු කළේය.

Read More

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට අධිකරණය අද (03දා) නියෝග කර තිබේ.

Read More

මාළිගාවත්තේ පොලීසිය අසලදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

Read More

උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරනවා - ජනපති

Read More

දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දැවැන්ත හමුදා පෙළපාලියකදී චීනයේ නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කළේය. දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ දිය යට ක්‍රියාත්මක විය හැකි විශාල ඩ්‍රෝන යානා මෙහිදී එළිදැක්වීය.

Read More

නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ, ඔහුගේ බිරිය සහ කට්ටඩියා ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම යළි ඉවතට, සැප්තැම්බර් 8 දක්වා තවදුරටත් රිමාන්ඩ්

Read More

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීම රනිල් අත්අඩංගුවට පත් වුවත් නොවුනත් සිදුවිය යුත්තක් බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක් විය යුතු බවත් ඔවුන් අමනාපව සිටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගුණදායක නොවන බවද පැවසීය.

Read More

නුවරඑලිය කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන පොලිස් ස්ථාන රැසක මාස කිහිපයක් තිස්සේ දුරකථනුවරඑලිය කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන පොලිස් ස්ථාන රැසක මාස කිහිපයක් තිස්සේ දුරකථන බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල දුරකථන විසන්ධි කර ඇති අතර, න බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල දුරකථන විසන්ධි කර ඇති අතර, තවත් පොලිස් ස්ථාන කිහිපයකම තාවකාලිකව එන ඇමතුම් පමණක් ලබා ගැනිමට නුවරඑලිය ටෙලිකොම් කාර්යාලය පියවර ගෙන ඇත.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද(03දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

Read More

ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවත්, ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.