අම්බලන්ගොඩ පාසලක සිසුවෙක් ජයටම එළු හා ගව සොරකම් කරලා
කුලී මෝටර් රථ යොදා ගනිමින් අම්බලන්ගොඩ පාසලක ශිෂ්‍යයෙක් මෙහෙයවූ මහා පරිමාණ එළු - ගව සොරකමක් අනාවරණය කරගෙන සොරකමේ මහ මොළකරුවූ පාසල් ශිෂ්‍යයා කුලී මෝටර් රථ දෙකක් සොරකම් කළ මී ගව පැටව් දෙදෙනෙක් සමග තවත් පාසල් ශිෂ්‍යෙයක් ඇතුලු සිව් දෙනෙක් අම්බලන්ගොඩ හා ඒ අවටින් ඊයේ (7) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
දහඅට හැවිරිදි අම්බලන්ගොඩ පාසලක ඉහෙනුම ලබන ශිෂයා ළුළු ,ගව සොරකම සිදු කොට ඇත්තේ අලුත් අවුරුද්දට බූරුවා ගසා පැරදි ණයවූ සිය මිතුරාගේ ණය මුදල් බේරීමට බව විමර්ශණයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි. මේ සැකකාර පාසල් සිසුවා අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් ඔහුගේ පියා පධාන පෙලේ වයාපාරිකයකු බවත් එම වයාපාරිකයාට සිටින එකම දරුවා ඔහු බවත් පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් අනෙක් පාසල් ශිෂ්‍යයා ප්‍රධාන සැකකාර සිසුවාගේ මිතුරෙකු බවත් ඔහු වතුගෙදර පාසලක ඉගෙනුම ලබන වතුගෙදර තුඩුවෙගොඩ පදිංචි දාහත් හැවිරිදි සිසුවෙකු බවත් පොලීසිය කියයි.මේ සිසුවා පධාන සැකකාර ශිෂ්‍යයා සමග එළුවන් තිදෙනෙක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
මැයි මස 3 වැනිදා සහ 6වැනිදා අම්බලන්ගොඩ තල්ගස්ගොඩින් මී එළදෙන පැටව් දෙදෙනෙකුගේ සහ අම්බලන්ගොඩ ඕකන්දෙන් එළුවන් තිදෙනෙකුගේ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිළි තුනකට අනුව කරන ලද විමර්ශණයේදී මේ එළු ,මී ගව සොරකමේ මහ මොළකාර පාසල් සිසුවා හදුනාගෙන පළමුව ඔහු අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍ර දේශයෙන් අත් අඩංගුවට ගන්නා බවත් පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මේ සොරකම සඳහා ගත් කුලී මෝටර් රථ දෙකද බටපොළ කූලී රථ සේවාවක තිබියදී ද බූරුවා ගසා පරාදවී ණයවී සිටි ඔහුගේ මිතුරා අම්බලන්ගොඩදීද සොරකමට සහාය දුන් තවත් දහඅට හැවිරිදි අයෙක් අම්බලන්ගොඩ දෙල්දූවේදී ද අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
සැකකරුවන් තිදෙනාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් කුලී මෝටර් රථවලින් සොරකම් කළ මී එලදෙන පැටව් කරන්දෙණිය පනාපිටිය කැලෑවක සගවා සිටියදී සොයාගත් බවත් ඒ සමගම සොරකම් කරන ලද මී එළදෙන පැටව් දෙදෙනා මිලදීගත් මුස්ලිම් පුද්ගලයකු පනාපිටියේදී ද සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
