ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වාභාවය, මාැයි මාස 11 දින පමණ වනවිට අඩු පීඩන
කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.
මෙම පද්ධතිගේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බොහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බවර පවතින ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ හා උතුරු පළාත්වලත් අනුරාධපු දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.
100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.