saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6420 hours ago

LATEST

කැස්බෑ පැටවුන් 64ක් සමග අයෙක් අත්අඩංගුවට

calendar_today 2022 මාර් 28 - 12:44 remove_red_eye - 146  

විදේශීය සංචාරකයින්ට මුහුදට මුදාහැරීම සඳහා කැස්බෑ පැටවුන් විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු කැස්බෑ පැටවුන් 64 දෙනෙකු සමග සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි.

සොජාන් ක්‍රමයට කොස්ගොඩ කරිජ්ජපිටිය පුරන් වෙල්යායේ පොල් පැල සිටුවීමේ වැඩසටහනකටඅද (28දා) ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට ප්‍රදේශයේ ගොවියන්ගේ විරෝධය එල්ලවුහ

Read More

ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේනේතුවේ ආසන 44ක් දුන්නා මිනිස්සු, 44ට දීලා බැරිනිසා 24ට බැස්සුවා. 24ට බැරිනිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා දැන් ගිය ඡන්දයේදී දෙකට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා කථාව ලස්සනයි. සුරංගනා කථා කියන්න හරිම ලස්සනයි අනුර දිසානායක. හැබැයි ඡන්දය ගණන් කළාම පෙට්ටියේ බඩු නෑ. අමාරුයි කියලා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මේ රටෙ ජනතාව ලෑස්ති නෑ.

Read More

මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ වල මහ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් ගොයම් කැපීම පෑඟීම මෙන්ම වගා බිම්වල සිට නිවෙස් සහ වෙළෙඳපොළ කර අස්වනු ප්‍රවාහනය කිරීමද මේ වන විට විශාල ගැටලුවක්ව පවතින බව ගොවි ජනතාව පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයක විකුණුම් මිල රුපියල් 299ක් දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 295ක අගයක පවතී.

Read More

කැබිනට් අමාත්‍යධුර ලබා නොදුන් නිසා ඇතැම් පක්ෂ නායකයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවු බව වනජිවි සහ වන සංරක්ෂක අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

බදුල්ල -වැලිකේමුල්ලේදී ඊයේ (27දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටමුකදී දෙපාර්ශවයේම දෙදෙනෙක් බරපතල කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලෙට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

Read More

තම බිරිඳ සම්බන්ධයෙන් නෙමනා විහිලුවක් කළ ඔස්කාර් නිවේදක ක්‍රිස් රොක් වෙත කනේ පහරක් එල්ල කිරීමට සුපිරි නළු විල් ස්මිත් කටයුතු කළේය.

Read More

කොළඹ - මීගමුව මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා මහ ජනතාව විරෝධතාවක නිරත වෙමින් සිටියි. මේ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් නිර්මාණය වී තිබේ.

Read More

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි 85 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරගෙන යනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 215000ක් අපට ගබඩා වල තියන්න පුළුවන්. ඒක ආවොත් පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව දුවන්න පුළුවන් වෙනවා. ඒක දිව්වොත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ තාප බලාගාර ඔක්කොම දුවන්න පුළුවන්.”

Read More

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින හ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වෙයි.

Read More

එක්සත් ජනපදයේ මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරුන් පස්දෙනාට වත්මන් ජනපති ජෝ බයිඩන් මාස 15ක් තුළ කළ හානියට වඩා හානියක් කළ නොහැකි වූ බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

Read More

විදුලිබලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් අද (28දා) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය පහක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුකරන මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පසුගියදා පැවැති තරගාවලියට ශාරිරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් එක්කර නොගත් ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඊයේ (27දා) ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට තම මංගල තරගය ක්‍රීඩා කරමින් ප්‍ර වේගකාරී පිතිකරණයක නිරත විය.

Read More

යුක්රේනයේ බටහිර ආධාරකරුවන්ට මෙම යුද්ධය වෙනුවෙන් ධෛර්යයක් නොමැති බවට යුක්රේන ජනපති වොලොඩිමීර් සෙලෙන්ස්කි යෝජනා කරයි.

Read More

යම් යම් පාර්ශවයන් ආහාර හිඟයන් සම්බන්ධව මතු කළද මේ දක්වා ආහාර හිඟයක් ඇති ව නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් අජන්ත ද සිල්වා මහතා පවසයි.

Read More

යුක්රේන ගැටුම ගෝලීයකරණයට තර්ජනයක් වන අතර එය ලෝකයේ ප්‍රධාන බෙදීමක් ඇති කළ හැකි බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් විශ්වාස කරයි.

Read More

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ බහුතරයක් එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි නුවර ආශ්‍රිතව ජීවත්වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

’’පළමුව සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම සහ පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් රුසියානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම අපේ අරමුණ නම්, එය කිරීමට අවශ්‍ය නම්, අපට ක්‍රියාවෙන් මෙන්ම, වචනයෙන්ද එය උත්සන්න කළ නොහැකියි’’ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් පවසයි.

Read More

ජනතාව පීඩා විඳින ඉතාමත් අපහසු කාල වකවානුවක් මේ වන විට ගත වෙමින් තිබෙන බවත් එම අවස්ථාවේ පවතින පීඩනයට අමතරව තවත් පීඩනයක් ඇති කර ජනතාව තුළ මානසික ආතතියක් ඇති නොකරන ලෙස තමන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

මෙම සාකච්ඡා මාර්තු 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, අර්බුදය විසඳීමට උපකාර කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් නැවත ලබාදෙනු ඇත.

Read More

පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පවතින විදුලිබල, ඉන්ධන හා ගෑස් අර්බුධය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉහළ පෙලේ සාකච්ඡාවක් කැඳවයි.සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබේ. සාකච්ඡාව අගහරුවාදා (29) සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් අප්‍රේල් මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී විවාදයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රජය විසින් අසීමිතව මුදල් මුද්‍රණය කරමින් ක්‍රියාත්මක කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට අධි උද්ධමන තත්ත්වයක් නිර්මාණය වී ජනතාවට කෑම බීම පවා සොයා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා පවසයි.

Read More

රුසියාවේ තවත් ජෙනරාල්වරයෙකු වන ලුතිනන් ජෙනරාල් යාකොව් රෙසන්ට්සෙව් දකුණු කෙර්සන් නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් මිය ගිය බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව තුළ වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට පෙරේදා (25දා) උපදෙස් දුන්නේය.

Read More

පිළිමතලාව ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුම් හලකට පැමිණ එහි කළමනාකරුට තර්ජනය කොට ව්‍යාපාරිකයන් පිරිසකට ඉන්ධන ලබා දුන් බව කියන කඩුගන්නාව පොලිසියේ රථවාහන අංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මධ්‍යම පළාත්නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.