පවතින විදුලිබල, ඉන්ධන හා ගෑස් අර්බුධය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉහළ පෙලේ සාකච්ඡාවක් කැඳවයි.සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබේ. සාකච්ඡාව අගහරුවාදා (29) සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වේ.
මෙම ඉහළ පෙලේ සාකච්ඡාව සදහා විදුලිබල, බලශක්ති හා වෙළද අමාත්‍යාංශ, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා හා පොලීසියේ නිළධාරීන්, සංචාරක ක්ෂේත්රයේ ප්‍රධානීන් කැදවා තිබේ.
සංචාරකයන් රැගත් බස්රථ හා වාහන සදහා ඉන්ධන ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය ලබා ගැනීම, සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීම, ගෑස් අලෙවිසැල් මගින් ගෑස් ලබා ගැනීමේදී සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට ප්‍රමුඛතාවය ලබා ගැනීම හා ඊට අදාල ක්‍රමවේදයන් සැකසීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රට තුළ පවතින විදුලිබල, ඉන්ධන හා ගෑස් ප්රශ්නය නිසා සංචාරක ක්ෂේත්රයට විවිධ බලපෑම් සිදුව ඇති බවත් එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සාකච්ඡාව කැදවූ බවත් ඇමතිවරයා සදහන් කරයි.