විදුලිබලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් අද (28දා) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය පහක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුකරන මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.
මේ අනුව A සිට L දක්වා කාලපවලට උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා කාලය තුළදී පැය තුනයි විනාඩි විස්සක විදුලි කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට සවස් 6.00 සිට රාත්‍රී 11 දක්වා කාලයේදී පැයයි විනාඩි හතළිහක විදුලි කප්පාදු කිරීමත් සිදුවේ.
P සිට W දක්වා කාලාපවලට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළදී පැය දෙකකයි විනාඩි පහළොවක කාලයක් හා සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළදී එම කලාපවලට පැයයි විනාඩි පනහක විදුලි කප්පාදුවක් සිදුකරන බවද මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.
ඉන්දික හේවාවිතාරණ