මිල වැඩි වුණත් ආහාර හිඟයක් නෑ
යම් යම් පාර්ශවයන් ආහාර හිඟයන් සම්බන්ධව මතු කළද මේ දක්වා ආහාර හිඟයක් ඇති ව නොමැති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් අජන්ත ද සිල්වා මහතා පවසයි.
කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙසේ පැවසුයේ එළබෙන උත්සව සමයේ රට තුළ ආහාර හිගයක් ඇතිනොවන බව ජනතාව දැනුවත් කිරිම සඳහා පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදීය.
මේ වන විට යල කන්නයේ හා මහ කන්නයේ අස්වනු නෙලා ගනිමින් යන බවත් එහි අස්වැන්නේ සුළු අඩුපාඩුවක් වුවත් පසුගිය කන්න වලදි ලබා ගත් වී ඇති හෙයින් එයින් ලැබෙන සහල් ප්‍රමාණය නිසා උත්සව මහයේ සහල් හිඟයක් ඇති නොවන බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසිය.
මේ වන විට ආනයනය කල සහල්ද මෙරට තුළ ඇති බැවින් සහල් හිඟවීමේ ගැටලුවක් ඇති නොවන බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් අජන්ත ද සිල්වා මහතා පැවැසිය.
මුං, කවුපි හා අනිකුත් අවශ්‍යතා දැනට සපයා ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දී ඇති දත්ත අනුව වෙළඳ අමාත්‍යාංශය මේ සම්බන්ධව කටයුතු කර ඇති බවත් දැනට පවතින දත්ත අනුව උත්සව සමයේදී ආහාර හිඟයක් ගැටලුවක් මතු නොවන බව ඒ මහතා පැවැසිය.
පවතින ඩොලර් අර්බුදය නිසා යම් යම් ආහාර ද්‍රව්‍ය වල මිල ප්‍රමාණයන් වැඩිවුවත් ආහාර හිගයක් ඇති නොවන බවද අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
popular news
-
samson de silva Monday, 28 March 2022 04:42 AM
"Mila wediwunath aahaara higayak nehe." Yako, MEEHARAKO, mila wedi wunaama minissun aahaara mila dee ganne kohomada? Ethakota kadawalwala higayak nethiwa badu ithiriwenawaa. Mila wedi wunaama ahaara higaya ethiwenne minissunge, daruwange, badawalwalata saha shareerayata. Mekawath notherena meeharakek krushikarma adyakshaka keruwe kawda?
Reply : 0 38
LGPJ Monday, 28 March 2022 09:41 AM
Present Director General is now endless shopping for the current Government.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

