විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට පෙරේදා (25දා) උපදෙස් දුන්නේය.
ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ ඊට එක්වෙමින් විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
මෙමඅමාත්යාංශයට අයත් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, සුභසාධක ප්රතිලාභ මණ්ඩලය සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය යන ආයතන වල ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරිණි.
ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරණ බවත්, පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක පමණ අවම වියදමකින් ලබා ගත හැකි බවත් මෙහි දී හෙළි විය.
ඒ අනුව පවතින විදුලි අර්බුදය විසදීමට නම් පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය.
2030 වර්ෂය වන විට ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති විදුලි අවශ්‍යතාව වන ගිගා වොට් පැය 28,200න්, ගිගාවොට් පැය 19,800ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගැනීමේ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් 70%ක පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට නම් දැනට ක්‍රියාත්මක විදුලි බල මණ්ඩලයේ 1969 පනත සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහි දී කියා සිටියහ.
පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස්කර ඉටු කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මකවීම මන්දගාමීව බවට ද මෙහි දී කරුණු ඉදිරිපත් විය.
කෙසේ වෙතත් වර්තමානයේ පැන නැගී ඇති විදුලි අර්බුදයට වහා විසදුම් අවශ්‍ය බව කියා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදුලි අර්බුධයෙන් පීඩාවට පත් ජනතාවට හැකි ඉක්මනින් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දුන්නේය.
මිලියන 22 වන ලංකාවේ ජනගහනයෙන් මිලියන 6ක් පමණ සමෘද්ධි සහනාධාර ලබන බවත් ඒ සඳහා රුපියල් මිලියන 62ක් පමණ මාසිකව වැය කරන බවත් මෙහි දී අනාවරණය වූ අතර සමෘද්ධිය ලැබිය යුතුම ඇතමෙකුට එම සහනාධාරය නොලැබී අනවශ්‍ය පුද්ගලයන්ට ද සමෘද්ධිය ලැබෙන බවට තොරතුරු ඉදිරිපත් විය.
තිරසාර සංවර්ධන ප්‍රගතිය මැනීමේ දත්ත පැවතියේ දර්ශක 46කට පමණක් බවත් එම දත්ත මේ වන විට දර්ශක 105ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවී ඇති බවත් මෙහි දී අනාවරණය වූ අතර දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේවනවිට ආසියා ෆැසිපික් කලාපයේ 10 වන තැනට පත්ව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
