බදුල්ල -වැලිකේමුල්ලේදී ඊයේ (27දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටමුකදී දෙපාර්ශවයේම දෙදෙනෙක් බරපතල කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලෙට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
මොවුන් දෙදෙනාගේ හිසේ බරපතල කැපුම්තුවාල තිබූ බවත් දෙදෙනාම දැඩි සත්කාර ඒකකටය ඇතුලත් කර ඇති බවත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
අවුරුදු 45 සහ 28 වයස් කාණ්ඩවලට අයත් මෙම තුවාල කරුවන් දෙනොගේම නිවාස වැලිකේමුල්ල ගමේ එකිනෙකට නුදුරින් පිහිටා ඇතිබ වත් මේ අපරාධය සිදුකිරීම සදහා පොරවක් යොදාගෙන ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන්කළේය .
දෙපාර්ශව අතර කළක සිට පවතින පුද්ගලික ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බව ද පොලිසිය පැවසීය .
බදුල්ලේ පාලිත ආරියවංශ