රුසියාවේ තවත් ජෙනරාල්වරයෙකු වන ලුතිනන් ජෙනරාල් යාකොව් රෙසන්ට්සෙව් දකුණු කෙර්සන් නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් මිය ගිය බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
රෙසන්ට්සෙව් රුසියාවේ 49 වන ඒකාබද්ධ හමුදාවේ අණදෙන නිලධාරියා විය.
යුක්රේන යුද්ධය හේතුවෙන් මියගිය හත්වන ජෙනරාල්වරයා මොහු වෙයි. යුක්රේන හමුදාව විසින් අල්ලා ගන්නා ලද සංවාදයකදී රුසියානු සොල්දාදුවෙක් පවසා තබුනේ යුද්ධය ආරම්භ වී දින හතරකට පසුව පැය කිහිපයක් ඇතුළත එය අවසන් වන බව රෙසන්ට්සෙව් ප්‍රකාශ කළ බවයි.