විදේශීය සංචාරකයින්ට මුහුදට මුදාහැරීම සඳහා කැස්බෑ පැටවුන් විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු කැස්බෑ පැටවුන් 64 දෙනෙකු සමග සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි.
ඔහු වෙරළ තීරයේ තැඹිලි කඩයක් දමාගෙන වෙළදාම් කරන අයෙකි. රාත්‍රී කාලයේ කැස්බෑවුන් වෙරළේ බිත්තර දමනු බලාසිට ඵම වළවල් හාරා බිත්තර රැගෙන ගොස් මුහුදු වැලි වල තබා පැටවුන් ඵළියට ආවිට ඵසේ විකිණීම කරගෙන ගොස් ඇත.
.ලද බුද්ධි තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් සැකකරුගේ කඩය පරීක්ෂා කිරීමේදී ජලය සහිත රෙජි ෆෝම් පෙට්ටියක් තුළ දමා තිබූ කැස්බෑ පැටවුන් හමුවී තිබේ.
සංචාරකයින්ට මෙම කැස්බෑ පැටවුන් පෙන්වූවිට ඵම සතුන් මුහුදට මුදා හැරීම සඳහා සංචාරකයින් රුපියල් දෙදහස, තුන්දහස, මිල ගණන් වලට මිලදී ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක කුලතිලක, පොලිස් සැරයන් ප්‍රේමලාල්(25588) පොලිස් කොස්තාපල් වරුන් වන වන චාමර (89466) සම්පත්ට (66795) නිලධාරීන් විසිනි.
දැඩි ලෙස ආරක්ෂිත සතුන් වන කැස්බෑ පැටවුන් විකිණීමේ චෝදනාව යටතේ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මිදිගම පොලිසිය කටයුතු කරගෙන යයි.
වැලිගම සුනිල් ධර්මබන්දු ද සිල්වා