ජනතා විමුක්ති පෙරමුණේ කථා ඇසීමට ජනතාව පැමිණියත් ඡන්දයකදී ඔවුන්ගේ ඡන්ද පෙට්ටිය හිස් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ගම්පොලදී ඊයේ (27දා) පැවැති රැස්වීමක් අමතමින් ඔහු පැවැසුවේ ජනතාවට මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුවට හොඳ අවබෝධයක් ඇති බවයි.
“එක්සත් ජාතික පක්ෂය පෙළපාළි ගියා කියලා. ජනතා විමුක්ති පෙරමුණ නුගේගොඩට සෙනග පිරෙව්වා කියලා මේ ආණ්ඩු වෙනස් කරන්න හම්බවෙන්නේ නෑ.
මිනිස්සුන්ගේ අමාරුව අපි හොඳට දන්නවා. අමාරුව දැනගෙන ආපහු මේක රනිල්ට දෙන්ඩද? ආපහු මේක සජිත්ට දෙන්ඩද?
අවුරුදු පහක් මේ රට කාපු, මහ බැංකුව මංකොල්ල කාපු, මිනිස්සුන්ගේ සහනාධාර කපපු, දැන් මේ බඩු මිල ටිකක් නැගලා කියලා පෝලිමට ගිහින් පොටෝ ගහලා කැමරා ගෙනිහිල්ලා ආණ්ඩුවට බැනලා, ජනපතිතුමාට බැනලා, වෙනම භූතයෝ මවන්න හදනවා.
ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේනේතුවේ ආසන 44ක් දුන්නා මිනිස්සු, 44ට දීලා බැරිනිසා 24ට බැස්සුවා. 24ට බැරිනිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා දැන් ගිය ඡන්දයේදී දෙකට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා කථාව ලස්සනයි. සුරංගනා කථා කියන්න හරිම ලස්සනයි අනුර දිසානායක.
හැබැයි ඡන්දය ගණන් කළාම පෙට්ටියේ බඩු නෑ. අමාරුයි කියලා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මේ රටෙ ජනතාව ලෑස්ති නෑ. අපි ජනතාවට කියනවා කලබල වෙන්න එපා. අපි අප්‍රේල් මාසයේ පළමුවැනිදා වෙනකොට මේ ගෑස් ප්රශ්නය විසඳනවා”
