ෆිට්නස් නෑ කියූ භානුක IPL වලදී ෆිට්නස් පෙන්වයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පසුගියදා පැවැති තරගාවලියට ශාරිරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් එක්කර නොගත් ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඊයේ (27දා) ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට තම මංගල තරගය ක්‍රීඩා කරමින් ප්‍ර වේගකාරී පිතිකරණයක නිරත විය.
පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් භානුක මෙවර තරගාවලියට ක්‍රීඩා කරයි.
වනිඳු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් භානුක ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම කඩුලු 5ක ජයක් ලැබීය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගෝර් කණ්ඩායම කඩුලු 2ට ලකුණු 205ක් රැස්කළේය. නායක ඩුප්ලෙසි පන්දු 57කදී ලකුණු 88ක් රැස්කළ අතර විරාත් කෝලි පන්දු 41කදී ලකුණු 29ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවා 19කදී කඩුලු 5ට ලකුණු 208ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
මෙහිදී භානුක රාජපක්ෂ පන්දු 22කදී හයේ පහර 4ක් හා හතරේ පහර දෙකක් සමගින් ලකුනු 43ක් රැස්කිරීමට සමත්විය. ඔහු වනිඳු හසරංගට එරෙහිව දැවැන්ත හයේ පහරක්ද එල්ල කළේය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග පන්දුවාර 4ට ලකුණු 40ක් ලබාදී එක් කඩුල්ලක් දවා ගත්තේය.
භානුකගේ ඉනිම - https://www.iplt20.com/video/41389/bhanuka-rajapaksas-4322-on-ipl-debut
වනිඳුට එරෙහිව එල්ල කළ හයේ පහර - https://www.iplt20.com/video/41383/m03-pbks-vs-rcb--bhanuka-rajapaksa-six
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

