සටනේදී බටහිර නායකයන්ට ධෛර්යය නෑ - සෙලෙන්ස්කි
නේටෝ සාමාජිකයන් තමන්ට යුද ගුවන් යානා නොඑවන නිසා ඔවුන්ට මාරියුපෝල් ආරක්ෂකයන් පෙන්වූ නිර්භීතකමෙන් 1%ක්වත් නොමැති බව යුක්රේන ජනපති වොලොඩිමීර් සෙලෙන්ස්කි චෝදනා කරයි.
සෙලෙන්ස්කි යෝජනා කරන්නේ යුක්රේනයේ බටහිර ආධාරකරුවන්ට ධෛර්යයක් නොමැති බවයි. යුක්රේන ජනාධිපතිවරයා මෙසේ නේටෝ සාමාජිකයන්ට බැණ වැදී ඇත්තේ රුසියානු හමුදාවට එරෙහිව සටන් කිරීමට උපකාර වන යුධ ගුවන් යානා තමාට යැවීම ප්රතික්ෂේප කිරීම නිසාය. මූලික වශයෙන්ම ඔහුගේ බටහිර ආධාරකරුවන්ට ප්රමාණවත් ධෛර්යයක් නොමැති බව පවසමින් ඔහු මෙම දොස් පැවරීම සිදුකර ඇත.
සෙනසුරාදා රාත්රියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට එරෙහි මොස්කව් ප්රහාරය "කිසිදා ජයග්රහණයක් නොවනු ඇති" බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට "බලයේ රැඳී සිටිය නොහැකි" බවත් ප්රකාශ වෝර්සෝහිදී සිදුකළ කතාවෙන් පසුව සෙලෙන්ස්කි සිය අදහස් ප්රකාශ කිරීමද විශේෂත්වයකි. කෙසේ වෙතත්, යුක්රේන නියෝජිතයන් එදින මුලදී බයිඩන් සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් හමුවූ විට, සෙලෙන්ස්කි නිරන්තරයෙන් ඉල්ලා සිටින ආයුධ තම ජාතියට ලැබෙනු ඇති බවට කිසිදු සහතිකයක් ඔවුන්ට ලබා දී නොතිබුණි.


popular news
-
cp kuma Tuesday, 29 March 2022 12:26 PM
බටහිර නායකයින් සැබෑවටම පාලකයන් මිසක් ජෝකර්ස් ලා නොවන නිසා, කළුගලක ඔළුව ගහ ගෙන ලෝකයට ජොකර් රටක් කරන්න ඔවුන් කැමති නෑ. යුකේන වැසියන් චන්දය පාවිච්චි කිරිම ලංකාවේ වැසියන් වගේ නොකරන්නයි තිබුණේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

