saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6024 hours ago

LATEST

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ කරයි

calendar_today 2021 දෙසැ 15 - 14:46 remove_red_eye - 382  

මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වන අතර එය තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් ඒ අනුව පක්ෂ යාන්ත්‍රණය සකස් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ආයතන නිර්මාණය කීරීම සිදු කරමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලෙස ඕනෑම කෙනෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බැවින් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන සියලු අදහස් සලකා බලමින් වඩාත් හොද තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (15) පැවසීය.

Read More

පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තුන්වන සාක්ෂිකරු වශයෙන් නම් කර තිබෙන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපතිවරයා විසින් අද (15) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ට දැනුම්දී ඇත.

Read More

සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 12/14 දින මධ්‍යම රාත්‍රී ආපසු පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

එළඹෙන උත්සව සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

Read More

සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (15) මධ්‍යහ්න 12 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

Read More

අප අමාත්‍යාංශය මඟින් ලබන වසරේදී පවුල් 29000 ක් සඳහා පානීය ජලය ලබාදීම අපේ අරමුණයි. දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට තාමත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ පානීය ජලය නොලැබීම යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ටිපර් රථයක හා ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 12/15 දින අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබේ .

Read More

කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නැවත නිවසට එමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන,පෙරළී ගොස් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ අවුරුදු හතරක දැරියක් මියගොස් මව ,දියණිය සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ,අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

Read More

ෂාහිඩ් විසින් UN සාමාජික රටවල් 193ම එකට ගෙන කොවිඩ්-19 එන්නත පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

Read More

දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පිලිපීනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නත්වල අතිරේක තොගයක් එරටට අඟහරුවාදා ලැබී තිබේ.

Read More

ජනාධිපතිවරයා බලයට ආපු දින සිට හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බොහෝ ආයතනවලට පත් කළ බවත්, එමගින් රටක් පාලනය කළ නොහැකි බව ඔප්පු වී ඇති බැවින් මිලිටරි මානසිකත්වයෙන් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව බලය බෙදීම සිදු කරන ලෙස සුළු පක්ෂ ඉල්ලීම් කළද, එලෙස බලය බෙදීම හරහා සිදුවනුයේ නැවතත් රට බෙදුම්වාදයකට තල්ලු වීම බව ’’එක රටක් එක නීතියක්’’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

Read More

’’රටවල් 77ක් දැන් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා කර තිබෙනවා. යථාර්ථය නම් තවමත් අනාවරණය නොවූවද, ඔමික්‍රෝන් තවත් බොහෝ රටවල ඇති බවයි.’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසුස් වාර්තාකරුවන්ට පැවසීය.

Read More

එළැඹෙන අවුරුද්දේ සමගි ජන බලවේග රජයක් බලයට පත් වන බවත්, ඒ අනුව වැරදි කරන සියලු පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී දඬුවම් විඳීමට සූදානම් වන ලෙස සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

මෙවර අයවැය තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු නොකළද දුම්වැටි වර්ගයක් සඳහා බදු සහන ලබාදී තිබෙන බවත්, අනෙකුත් දුම්වැටි මිල සුළු මුදලකින් ඉහළ දමා තිබෙන අතර, මේ හරහා සිදුවන්නේ දුම්වැටි භාවිතය ඉහළ යාම බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (adic) ආයතනය සඳහන් කරයි.

Read More

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද කෝටි 5ක් ඉක්මවා ඇති බව JHU දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

LPL තරගාවලියේ පහලොස්වන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Colombo Stars කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සමාජිකයන් දෙදෙනෙකු පත්කර තිබේ.

Read More

තායිලන්තයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන් දෙදෙනාම මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළක්වීම සඳහා අදාළ සියළුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read More

සංචාරකයන්ට වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරිමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බවයි.

Read More

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.