නගරබද ජනතාවට පමණක් නොව ග්රාමීය ජනතාවට ද ඉන්ධන හිඟයෙන් දැඩි පීඩාවට පත්ව සිටිති. ඉන්ධන හිඟය ඔවුන්ගේ එකම ජීවන මාර්ගය වූ ගොවිතැනට ඉන්ධන හිගයෙන් ඇතිවූ බලපෑම සුලුපටු නැතැයි ඔවුහු පවසති.
මේ වන විට ග්රාමීය ප්රදේශ වල මහ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඉන්ධන හිගය හේතුවෙන් ගොයම් කැපීම පෑඟීම මෙන්ම වගා බිම්වල සිට නිවෙස් සහ වෙළෙඳපොළ කර අස්වනු ප්රවාහනය කිරීමද මේ වන විට විශාල ගැටලුවක්ව පවතින බව ගොවි ජනතාව පෙන්වා දෙති.
මෙම ගැටළුවට පිළියම් ලෙස මේ වන විට ඇතැම් පිරිස් තම සාම්ප්රදායික ප්රවාහන ක්රම වල පිහිට පැතීමට පටන්ගෙන ඇත.
මේ මීගහකිවුල කැටවත්ත ගම්මානයේ ගොවි මහතෙකු සිය බිරිඳද සමග හේන් යායේ වගාකල බඩ ඉරිගු අස්වැන්න කර බරින් හා තමුන්ට සිටින එකම තවලම් ගොනාගේ මාර්ගයෙන් නිවස කරා රැගෙන එන අයුරු.
මීගහකිවුල එන් කේ නිශ්ශංක
