saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 5956 hours ago

LATEST

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති අභාවප්‍රාප්ත වෙයි

calendar_today 2022 ජන 18 - 18:00 remove_red_eye - 1034  

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේි දක්ෂ කිර්තිමත් ගුවන් හමුදාපතිවරයෙකු වු එයාර් චීෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 2022 ජනවාරි මස 18 වන දින අභාවප්‍රාප්ත වු අතර අවසන් ගෞරව දැක්විම සඳහා දේහය ගල්කිස්ස ප‍්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.දේහය පිළිබද අවසන් කටයුතු 2022 ජනවාරි මස 19 වන දින පස්වරු 02.00 ට ගල්කිස්ස නිසල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දීමට එකඟ වී ඇති අතර , ඉන්දීය ඔයිල් සමාගම විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වේ.

Read More

මෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.

Read More

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අමතරව, මැන්ගෝ දූපතේ 65 හැවිරිදි කාන්තාවක් සහ නොමුකා දූපතේ 49 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බව අගමැති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය තහවුරු කළේය. එසේම තුවාලකරුවන් රැසක් වාර්තා කර ඇත.

Read More

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

යුක්රේනය සම්බන්ධයෙන් නැගෙනහිර සහ බටහිර අතර උග්‍රවන ආතතීන් මධ්‍යයේ ඒකාබද්ධ අභ්‍යාස සඳහා රුසියානු හමුදා සහ යුද මෙවලම් බෙලරුසියාවට පැමිණීමට පටන් ගෙන ඇති බව සඳහන් වෙයි.

Read More

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂයේ 29වැනි ආසනයේ සිට 71වැනි ආසනය දක්වා අසුන් කිහිපයන් පිටුපසට දමා ඇත.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ ’’ලාරා ’’ නැමති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන ’’ඩෝරා’’ නමැති සිංහ පැටවා අද (18දා) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Read More

කොළඹ වරාය නගරය නැරඹීම සඳහා පුද්ගලයින් 89,540 දෙනෙක් ගත වු දින අට තුළ පැමිණ ඇතැයි වාර්තා වේ.

Read More

විදුලිය නිපදවීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොලැබීම වෙනුවෙන් අද (18දා) සිට විදුලි කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ආයතන ’විදේශිකයන්ට පමණයි’ යනුවෙන් වෙන් කර සේවාවන් සපයයි නම් ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

මොනරාගල ජීලෝන් කඳුවැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ඊයේ (17දා) සවස ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරු සහ එහි සහායක ජීවිතක්ෂයට පත්ව ඇති බව මොනරාගල පොලීසිය පැවසීය.

Read More

ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන් අද(18දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණි .

Read More

ඇල්පිටිය - පිටිගල මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ ඊයේ (17දා) රාත්‍රී සිදු වු යතුරුපැදි කැබ් රථ අනතුරින් එකම පවුලේ මව සහ පුතා මිය ගිය බව පිටිගල පොලිසිය පැවසීය.

Read More

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලියෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සේවක අර්ථ සාධක අරමුදල කොටස් හිමිකම්වල සිදුකළ ආයෝජනවල වටිනාකම 2021 වසර තුළ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

2022 වසරේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් කටයුතු කළ යුතු වසරක් බවද වගා කළ හැකි සෑම ඉඩමක්ම වගා කිරීමට යොදා ගත යුතු බවද ජනපතිවරයා පැවැසීය. ඒ සඳහා බිත්ති පිංතාරු කළ තරුණයින්ට හා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයින් ආරාධනා කරන බවත් ජනපතිවරයා පැවැසීය.

Read More

තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.

Read More

රට ගොඩනැගීමට සියලු මන්ත්‍රීවරුන්ට ජාතික වගකීමක් ඇති බවත් ඒ සඳහා සියලු දෙනාට ආරක්ෂා කරන බවත් ජනපතිවරයා පැවැසීය.

Read More

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (18දා) අරම්භ වෙයි. ඒ සඳහා එක්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටියි.

Read More

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබේ.

Read More

’’අපි බාධක ඉවත් කළ යුතුයි, තාප්ප ඉදි නොකළ යුතුයි. වසා නොදැමිය යුතුයි. ඒ වෙනුවට අපි විවෘත කළ යුතුයි. අපි සෙවිය යුත්තේ ඒකාබද්ධතාව මිස, විසංයෝජනය නොවෙයි. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ මාර්ගය මෙයයි’’ චීන ජනපති ලෝක ආර්ථික සංසදය (WEF) අමතමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය උසස් ස්ථානයකට පත්වෙමින් තිබෙන බවත් අද (17දා) රාත්‍රීයේ ශ්‍රී ලංකාව තුළ විදේශීය සංචාරකයන් 46,942 කු රැදී සිටින බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

සිය පියා සමග අද පස්වරුවේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව පියාගේ ගෙලෙහි එල්ලී සිටි සිසුවා එක්වරම දෑත් මගහැරී මුහුදේ ගසා ගෙන ගොස් ඇතැයි පැවසේ.

Read More

’’පසුගිය වසර දෙක සරල නමුත් ම්ලේච්ඡ සත්‍යයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිවෙකු හැර ගියහොත්, අපි සියල්ලන්ම අත්හැරීමක් සිදුවෙනවා.’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් පැවසීය.

Read More

නව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය හෙට (18දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.