අත්‍යාවශ්‍ය නොවන සේවකයන් හෙට වැඩට එන්න එපා
හෙට දිනයේදී රජයේ අත්‍යාවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙසත් අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඉන්ධන ඉතිරි කර ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔහු පැවැසීය.
“හෙට දිනයේදී රජයේ අත්‍යාවශ්‍ය සේවාවන්හි සේවකයන් හැර අනිත් අයට වැඩට එන්න එපා කියලා කියනවා. මොකද එතිනින් ඉන්ධන ටිකක් අපිට බේර ගන්න පුළුවන්. මේ සති අන්තය කරන්න. ඊට පස්සේ ඉන්ධන ප්රශ්නය විසදෙනවා.
ඒ නිසා අත්‍යවශ්‍ය නැති රජයේ සේවකයන්ට හෙට එන්න එපා කියනවා. අත්‍යාවශ්‍ය නැති ගමන් බිමන් හෙට යන්න එපා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රශ්ණෙ විසඳගන්න”
popular news
-
WBHM Tissera Thursday, 19 May 2022 07:52 AM
sevayata nopamina siteema sandaha likitha danveemak avashya wanawa neda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

