මාස තුනකට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වී ප්රශ්න විසඳමු යැයි පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් කළේය. අද (19දා) පාර්ලමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“තාම මේ 225ට තේරෙන්න් නෑ අපි අපිව විචේනය කර ගැනීම තුළ අපිට මේ ඉරණම අත්වුණේ කියලා. තාම මේක තේරුම් ගන්නේ නෑ. තාම පටු අරමුණුත් එක්ක අපේ පක්ෂෙන් වෙන්න පුළුවන්, ඒ පක්ෂයෙන් වෙන්න පුළුවන් අපි කථා කරන්නේ රටට ඕන දේ නෙමෙයි.
මේ රට ඉල්ලන්නේ තෙල් ගහගත්තේ කොහොන්ද කවුද පෝලිමේ ඉන්නේ කියන එක නෙමෙයි. මොකක්ද විසඳුම කියලා. ඇයි ගහලා මරපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ඉන්න කොට ඇපි අපිට එකතු වෙන්න බැරි. අඩුම ගානේ මාස තුනකට එකතු වෙලා මේ රටේ තියෙන ප්රශ්නේ විසඳගමු.
මොකක්ද මේ කරන ලැජ්ජ නැති වැඩේ. ඒ නිමා මම ඉල්ලීමක් කරනවා වැදලා මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වෙමු. හොඳම උදාහරණය ඇමෙරිකාවේ 9-11 බෝම්බය ගියාම ඒ රටේ මිනිස්සු බෙදුනේ නෑ එකතුවුණා. ඒ එකතුවීම කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.”