විපක්ෂයෙන් හුස්ම වැඩ සටහන යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග දෙකක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ සාමාජිකයන්ගේ අරමුදලින් ගෙන්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රජය වියදම් කරන මුදල් ජනතාව වෙනුවෙන් වෙනත් වැඩසටහනකට යෙදවිය හැකි බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (19දා) ඒ පිළිබඳ අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට මෙන්ම හුස්ම වැඩසටහනට ස්තූතිවන්ත වන බවත්, මෙය හොඳ උදාහරණයක් වන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - ඊයේ දිනයේ මතුවුණු ප්රශ්නය තුළ අපි උපරිම උත්සාහයක් දරලා අපි බලාපොරොත්තු වෙනවා වැදගත් ජීවිත ආරක්ෂා කිරීමේ ඖෂධ දෙකක් අපිට හැකි පමණින් අපේ රටට ලබා ගන්න. මේ වන විට මම පෞද්ගලිකවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය හම්ඩානි මහතාගෙන් ලබා ගත් තොරතුරු අනුව හෘද රෝග ප්රශ්නය උදෙසා අවශ්‍ය බෙහෙත් වර්ග දෙකක් තිබෙනවා.
එක බෙහෙතක් ස්ට්රෙප්ටෝකයිනේස්(streptokinase). ඒක ජීවිත බේර ගන්න එන්නතක්. අනිත් බෙහෙත Glyceryl trinitrate. ජීවිත බේර ගන්නාවූ එන්නතක් වන ස්ට්රෙප්ටෝකයිනේස්(streptokinase) අපේ රටට ගෙන්වන්න , මට බොරු කියන්න බෑ මුලු රටේම අවශ්‍යතාවයට ගෙන්වන්න පුලුවන් කියලා. නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ඇතුලු පක්ෂයේ සාමාජිකයන්ගේ ආධාර මුදල් මත ඒ ජීවිත ආරක්ෂක එන්නත ගෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Glyceryl trinitrate බෙහෙත ගෙන්නවන්නත් අපි භාර ගන්නවා. මේ වැඩසටහන අපි බොහොම විනිවිද භාවයෙන් යුක්තව කරන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - අපේ ඉල්ලීම ඉෂ්ඨ කිරීම ගැන විපක්ෂනායකතුමාටත් සජබයටත් , හුස්ම වැඩසටහනටත් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මේක හොඳ උදාහරණයක්. මෙතන ආරම්භ කළ වැඩසටහන මම බලාපොරොත්තු වෙනවා වෙනත් සංවිධානත් ඉදිරියට ගෙන යයි කියලා. ඒ වගේම මෙතන පරිපාලන බාධක තිබෙනවා නම් ඒ ගැනත් මම නිලධාරියෙක් මම යොදවන්නම්.