දුටු තැන වෙඩි තියන්න නියෝග කළේ නෑ
දුටු නැත වෙඩි තබන ලෙස නියෝගයක් නිකුත් කළ බවට තොරතුරු වාර්තා වන බවත් එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (19දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"මේ වන විට ලොකු කථාවක් යනවා දුටු තැන වෙඩි තියන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවා කියලා. එහෙම නියෝගයක් නිකුත් කරලා නෑ. ලිඛිතවත් නෑ. අපිට මිනිස්සුන්ට වෙඩි තියන්න ඕන නෑ. අපි ඔවුන්ව වෙඩි තැබීමෙන් වළක්වා ගත යුතුයි.
සමහර මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපළ විනාශ වුණා නමුත් වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ. දුටු නැත වෙඩි තියන්න නියෝග කළේ නෑ. පිටත ඉන්න අය අහනවා මෙවැනි නියෝගයක් දුන්නේ ඇයි කියලා.
දුටු තැන වෙඩි තියන්න නියෝගයක් නිකුත් කර නෑ. නමුත් පොලිසියට අවශ්‍යතාව අනුව අවම බලය භාවිත කරන්න පුළුවන්. දුටු තැන වෙඩි තියන්න කිසිම නියෝගයක් නිකුත් කර නෑ."
popular news
-
u.d.a.perera Thursday, 19 May 2022 12:59 PM
ඒක නම් කදිම අදහසක්.අවුරුද්දකට විතර කලින් කලා නම් කොපමණ වටිනවා.මැති ඇමතිවරු න් ගේ පැමිණීම අඩු වෙයි.පිපාසය,කුස ගින්න එයාලටත් දැනෙන්න ඕන.ඔයාල කට්ටිය සතියක් විතර ත්‍රිපිටකධාරි භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන ආරාමයකට ගිහින් තෙරුවන් සරණ ගිහින් බණක් භාවනාවක් කරල ආපසු පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ ව කටයුතු කිරීම ඉතා වැදගත් කියල මට හිතෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

