ඊයේ දිවයිනට ළඟා වූ ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබා ඒවා ලොරි මගින් රැගෙන යන ලෙසට උපදෙස් දීලා තිබුණත් ලිට්රෝ සමාගම එම උපදෙස් අනුව කටයුතු කර නැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එම උපදෙස් අනුව කටයුතු නොකළේ මන්දැයි යන්න විමසීමට ලිට්රෝ සමාගමට තමා කැඳවීමක් කළ බවද අග්රාමාත්යවරයා පැවැසිය.
“ගෑස් නැව ආවා. ලොරි දාලා ගෙනියන්න කියලා නියෝග දිලා තිබුණේ. ඊයේ රෑ අට වෙනකම් ලොරි දාලා තිබුණේ නෑ. ඒ නිසා මම ඒ නිලධාරීන් මෙහාට කැඳවනවා. ඒත් මම විශේෂයෙන්ම අපේ කෝප් කමිටුවේ සභාපතිතුමා කියන්න කැමතියි. හෙට ලිට්රෝ ගෑස් සමාගම ගෙනල්ලා ඇයි ප්රමාද කළේ කියලා හොයලා වාර්තාවක් දෙන්න කියලා.
මිනිස්සු දුක් විදින අවස්ථාවේ මේ අය කල්ගන්න හදනවා. අපි ඔක්කොම දුවලා වැඩ කරනවා. රෑ එකලොහ දොලහ වෙනකම්. “