අරලිය ගහ මන්දිරයට රැස්වූ පිරිස ගෝල්ෆේස් අරගලයේ යේදී සිටි පිරිසට පහරදීම පිළිබඳව තම කනගාටුව ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද (19දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මැයි 09 දා සිදුවීම ගැන මම කනගාටු වෙනවා. විශේෂයෙන්ම අරලිය ගහ මන්දිරියට රැස්වූ පිරිස අරගල කරපු පිරිසට පහර දෙන්න ගිය එක ගැන. කාගේ හෝ වැරදි උපදෙසක්.
ගමේ ඉදලා ආපු අය අහිංසකයෝ. ඒ අය පාක්ෂිකයෝ. ඒ අය ආවේ අගමැතිධුරයෙන් අස්වෙනවා ඒ අයගේ ආශිර්වාදය නැත්නම් කනගාටුව ප්‍රකාශ කරන්න.
ඒ මොහොතේදී උසිගැන්වීමක් නිසා එදා හැන්දෑවේ හැම තැනම ගම්වල පොදුජන පෙරමුණේ සභාපතිවරුන්ගේ ගෙව් වලට ගිනි තිබ්බා මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වට ගිනි තිබ්බා. සමහර අය මැරුවා. මේ වගේ තත්ත්වයක් ඇතිවුණේ ඉවසීමක් නැතිකම. අපි හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන.
පොලිස් නිලධාරීන් මේ හැමතැනම වගේ හිටියා. ඒ අය මේවා දිහා බලාගෙන හිටියා. ඒ අයට තිබුණා ඒක නතර කරන්න. පොලීසිය ඇයි නිශ්ශබ්ද වුණේ. ඇයි අරලිය ගහ මන්දිරයේ ඉදලා ගෝල්ෆේස් පැත්තට ගිය අය නතර කළේ නැත්තේ. පොලීසියේ රාජකාරිය මොකක්ද?
පොලිසයේ රාජකාරිය පැහර හැර තිබෙනවා. ඒ නිසා අපේ පැත්තේ අය කියනවා පොලීසයේ ඉන්නේ IGP නෙමෙයි PIG කියලා. මම දන්නේ නෑ ඒකේ තේරුම මොකක්ද කියලා. ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. දේපළ හා නි ජීවිත හානි වළක්වා ගන්න තිබුණා. ඒ අයටම පරීක්ෂණ කටයුතු සිදු කරන්න දෙනවනම් වෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.”